Loading...
වසරක් පාසා මෙරට තරුණ තරුණියන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන අතර එහිදී ඡුන්ද නාම ලේඛනයට නම් ඇතුළත් වන සියලූ දෙනාට මැතිවරණයකදී සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය හිමිවේ. මෙරට අවසාන වරට මැතිවරණයක් පැවැත්වූයේ වසර 2015 දී වන අතර එතැන් සිට මේ වනවිට වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇත. එහිදී 2015 වසරේ මහ මැතිවරණයෙන් අනතුරුව මෙතෙක් මැතිවරණයකදී ඡුන්දය භාවිත නොකරන ලද ඡුන්ද හිමි තරුණ තරුණියන් ලක්‍ෂ දහයකට ආසන්න පිරිසකට මේ වන විට ඉදිරි මැතිවරණයේදී ඡුන්ද ප‍්‍රකාශ කිරීමට අවස්ථාව උදා වෙයි. එසේම ඉදිරි 2020 ජනාධිපතිවරණය හෝ එළඹෙන මැතිවරණයකදී ඡුන්ද ප‍්‍රකාශ කිරීම සඳහා මෙතෙක් බලය හිමි නොවූ වයස අවුරුදු 18 සපිරුණු තරුණ තරුණියන් ලක්‍ෂ එකහමාරක පිරිසක් ද ඡුන්ද අයිතිය බලාපොරොත්තුවෙන් සිටී. මේ කෙසේවෙතත් මේ වනවිට ශී‍්‍ර ලාංකික ජාතික දේශපාලනය සම`ග තරුණ තරුණියන් සකි‍්‍රයව දායක වීම සීග‍්‍ර ලෙස අඩු වන බව දැක ගැනීමට හැකිය.
-දිවයින පුවත්පත.
No comments:
Post a Comment