IMF කොන්දේසි නීතියක් ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත කරනවා - ජනාධිපති - විගස පුවත් - Vigasapuwath

Monday, April 3, 2023

IMF කොන්දේසි නීතියක් ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත කරනවා - ජනාධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත , සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *