රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව

රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව

රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය දැක්වීම සඳහා ඊයේ (30) දිනයේ සිට මෙම වැඩ වර්ජනය සිදු කරන බවයි.

විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය වෙනස් කරන තුරු අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.

මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවන පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේ අදාල පත් කිරීම නීත්‍යානුකූල පත් කිරීමක් නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad