දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල් බිරිය සමග එක්ව කුඩු ජාවාරමේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල් බිරිය සමග එක්ව කුඩු ජාවාරමේ

https://www.gossiplankanews.com/2019/01/drug-police-nabbed.html#more
මේ දිනවල ඉතා වේගවත් ලෙස සිදු කෙරෙන මත්කුඩු වැටලීම් සංසිද්ධි මගින් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේතාක් අනාවරණය නොවූ පැතිකඩක් විවරවෙමින් පවතින බව වාර්තාවේ.
රුපියල් මිලියන 36කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කුඩු කිලෝ 3 තොගයක් සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල පිලිබඳ පරීක්ෂාවේදී
එම සැමියා කැළණිය දූෂණ මර්දන ඒකකයේ

පොලිස් කොස්තාපල්වරයෙකු බව මේ වනවිට අනාවරණය වී ඇත. ඔහු නිවසට රැගෙන එන කුඩු පසුව බිරිය තැන් තැන්වලට විකුණා ඇති බව හෙලි විය. ඔහුට කුඩු ලැබෙන ආකාරය විමසා බැලීමේදී පසුගියදා දෙහිවලදී අත්අඩංගුවට පත් විශාල කුඩු තොගයට සම්බන්ධ බෙදාහැරීමේ නිලධාරියෙකු ලෙසද ඔහු කටයුතු කර ඇති බවට වාර්තා විය.

මත්කුඩු ජාවාරමට ලංකාවේ ආරක්ෂක අංශ දක්වන සහයෝගය නිසා මේතාක් කල් ඒ සම්බන්ධ තෝරුන් මෝරුන් සැඟවී සිටින බව ප්‍රකට කතාවකි.
එසේම යම් යම් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුවීම් වල හසුවන කුඩු හොර පාරෙන් වෙනත් ව්‍යාපාරික වැඩවලට යෙදවෙන්නේද යන සැකයද කාලයක් තිස්සේ මතුව තිබේ.

මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැණුනේ කිරිබත්ගොඩ ඊරියවැටිය පාර ප‍්‍රදේශයේදීය.
සැකකාර අඹු සැමි යුවල විසින් මෙම හෙරොයින් අලෙවි කර ඇත්තේ විවිධ සන්නාම යටතේ බවද මේ වනවිට අනාවරණ වී ඇත. මුලින් මත්කුඩු ග්‍රෑම් 100 ක් සමග සැකකාර කාන්තාව හසුවූ පසු ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී කුඩු කිලෝ 3 ද නිවසේ සිටි කොස්තාපල් වරයාද පොලිසියට කොටු කරගත හැකි විය.

කැළණිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි මෙම කොස්තාපල් වරයා අවසානයේ දූෂණ මර්දනය වෙනුවට ඔහු විසින්ම දූෂණ සිදු කිරීම මේ ලෙස අනාවරණය විය.
මෙම වැටලීම සමග කුඩු පාතාලය ආරක්ෂා කරන පොලිස් ජාලය ගැන විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවයද පොලිසියට මතුකරදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad