"වටිනා ලිපි ලේඛන අනුදැනුමකින් තොරව විදෙස් රට වලට දීලා" - ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

"වටිනා ලිපි ලේඛන අනුදැනුමකින් තොරව විදෙස් රට වලට දීලා" - ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබෙන වටිනා ලිපි ලේඛනවල පිටපත් රජයේ කිසිඳු අනුදැනුමකින් තොරව විදෙස් රටවලට ලබාදී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට විනාශ කරන කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙහි දී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙතෙක් ගෙන ගිය වැඩසටහන ශක්තිමත් කරනවා සේම පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරින් මුල්කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ දී කි‍්‍රයාවට නංවන බවයි.

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළගදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධව අද විවිධ බලවේග කි‍්‍රයාත්මකවන අතර බෞද්ධ දර්ශනය විකෘති කර පෙන්විමට ගෙනයන කුමන්ත‍්‍රණ, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට ගෙන යන කුමන්ත‍්‍රණ සේම මත්ද්‍රව්‍ය ජාවාරම ද රට විනාශ කිරීමට ගෙන යන ක‍්‍රමානුකූල සංවිධානාත්මක කුමන්ත‍්‍රණයක් බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

එහිදී දැඩි තීන්දු තීරණ ගනිමින් සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරමින් මාතෘ භූමිය රැක ගැනීමට සියලුදෙනා පෙළගැසීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩටහහනට සමගාමීව පැවැත්වෙන දිස්ත්‍රික් සමාලෝචන වැඩසටහන් මාලාවේ 13වැනි වැඩසටහන මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

No comments:

Post a Comment

Post Bottom Ad