කොළඹ තැන් කීපයකට හෙට පැය 21ක් වතුර නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 12, 2019

කොළඹ තැන් කීපයකට හෙට පැය 21ක් වතුර නෑ

කොළඹ තැන් කීපයකට හෙට පැය 21ක් වතුර නෑ

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා අළුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. 

No comments:

Post a Comment

Post Bottom Ad