රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව විදෙස් රටක පැවැති නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වීමට රුපියල් හැත්තෑ තුන්ලක්ෂ විසිනවදහසක (73,29,000/-) මුදලක් වැයකර තිබේ.
විදේශකටයුතු අමාත්‍යංශය විසින් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මෙම අමතර මුදල වෙන්කරගෙන ඇති බව පැවසේ.
එක්සත් අරාබි එමීර් රාජයේ අධිකරණයක් ඉදිරියේ කරුණු දැක්වීමේ නීතීඥ ගාස්තු වෙනුවෙන් එම මුදල ගෙවා තිබේ.
කෙසේවුවද, මේ කාර්ය සඳහා මීට වඩා වැඩි මුදලක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වියදම් කර ඇති බව පැවසෙන අතර එය මෙතෙක් හෙළිව නොමැත.
විරතුංග මහතාට රුසියාවේ තානාපති ධූරය දරණ අවස්ථාවේ ජාත්‍යන්තර අවි ජාවාරමක යෙදීම, මිග් ප්‍රහාරකයානා මිලදී ගැනීමේදී සිදු කළ වංචාවක් හා ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.
ඔහු මේ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති අතර ඒ ඔහුට දේශපාලන රැකවරණ හිමිව තිබීම නිසාය.
Friday, February 8, 2019
වීරතුංගට නඩුදාන්න ලක්ෂ 70ක් වියදම් කරලා !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment