තායි අගමැති පුටුවට රජ කුමරියක් තරග වදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 8, 2019

තායි අගමැති පුටුවට රජ කුමරියක් තරග වදී


තායිලන්ත රජු මහා වජීරලොන්කෝන්ගේ වැඩිමහල් සොහොයුරිය වන රාජකන්‍යා සිරිවදාන බර්නවාදි කුමරිය ඊළඟ අගමැති
තනතුර සඳහා තරග වැදීමට ඉදිරිපත් වී තිබේ.
තායිලන්ත මහමැතිවරණය ලබන මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිතය. කුමරිය තායි රක්සා චාට් පක්ෂයෙන් අගමැති ධූරය සඳහා තරග වැදීමට ලියාපදිංචි වී ඇත. 1970 දී ඇය රාජකීය ධූරයෙන් ඉවත්වී තිබේ.
තායිලන්ත රාජකීයන් දේශපාලනයට පිවිසිම විරල සිද්ධියක් වේ. මෙය තායිලන්ත දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජකන්‍යා කුමරිය තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් අදුල්යාදේජ් හා සිරිකිත් රැජනගේ පළමු දරුවා වේ. ඇය වර්ෂ 1951 ස්විස්ටර්ලන්තයේ දී උපත ලැබුවාය.
තායිලන්තයේ වර්තමාන අගමැති ප්‍රියුත් චාන් ඔචා මහතා ද මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad