පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීරණයට එකගයි - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීරණයට එකගයි - ජනපති

Loading...
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකග වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (20 වැනිදා) සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම සඳහා ඉදිරි සති 02 තුළදී ජාතික අරමුදලක් පිහිටුවන බවයි.
දරුවන් මුහුණ දී සිිටින ගැටලූ පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබා ගනිමින් ඒ සමග දරුවන් වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම මෙහි අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad