දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
ඊයේ (13) මාතරදි මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් ඔහු මේ බව පැවසිය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"පොහොට්ටුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් 9 දිවුරුම් දුන්නට පස්සේ මේ රටේ ගම් තිස්දහසක් වැළඳ ගත්ත සංවර්ධන වැඩපිළිවෙල සකස් කරනවා. ඒ වගේම පවුල් පනස් ලක්ෂයක් ඇති හැටි අය බවට පත් කරලා සමෘර්ධිමත් ජනතාවක් බවට පත් කරන්න පොදුජන පෙරමුණ සකස් කරමින් යනවා. අලූත් ජනාධිපතිවරයා යටතේ මේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ."
No comments:
Post a Comment