මාව අත්අඩංගුවට ගත්තේ නෑ - අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මාව අත්අඩංගුවට ගත්තේ නෑ - අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි

මාව අත්අඩංගුවට ගත්තේ නෑ - අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි

මාධ්‍ය වාර්තා කළ පරිදි තමන්ව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට නොගත් බව ගායක අමල් පෙරේරා ගේ බාල සොයුරා වන සොහාන් පෙරේරා ප්‍රකාශ කරයි. 

ෆේස්බුක් වෙබ් අඩවියට සජීවී වීඩියෝ පටයක් මුදාහරිමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ 

.

ඔහු පවසන්නේ තමන්ගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෝදිසි කළ ද තමන්ව අත්අඩංගුවට ගැනීමේ පුවත අසත්‍යයක් බවයි.

කෙසේවෙතත් අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකු තහවුරු කළා.

මෙම මතභේදාත්මක තත්ත්වයේ සත්‍ය විමසීම සඳහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සහ කලද එය ව්‍යාර්ථ වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad