සමරිසි සිසුවියන්ගේ පීඩනය දරාගන්න බැරිව පරිවාස සිසුවිය දිවි නසා ගනියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

සමරිසි සිසුවියන්ගේ පීඩනය දරාගන්න බැරිව පරිවාස සිසුවිය දිවි නසා ගනියි

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සහතික ලත් පාසලක 15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන මියගොස් සිටියදී 20 දා පෙරවරුවේ එහි පාලනාධිකාරිය විසින් සොයාගෙන ඇත.

 මෙසේ අවාසනාවන්ත
ලෙස මියගොස් ඇත්තේ හබරණ, සුරියගම පදිංචි දැරියකි.

 අධිකරණ නියෝගයක් මත මියගිය දැරිය මෙම පාසලේ ඉගෙනුම ලබමින් සිට ඇත.

 සහෝදර සිසුවියක් මියගිය දැරියගේ මළසිරුර ප‍්‍රථමයෙන් දැක එහි විදුහල්පතිනිය දැනුවත් කර තිබේ.

 පාලනාධිකාරිය විසින් දඹුල්ල මුලික රෝහලට දැරිය ඇතුළත් කිරීමට ඊයේ පෙරවරු 10.00 ට පමණ රැගෙන එන විටත් ඇය මියගොස් සිට ඇත.

 පාසලේ ඉගෙනුම ලබන සිසුවියන්ගේ ලිංගික පීඩනයන් දරාගත නොහැකිව ඇය දිවි නසාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාරවරණය වී ඇත.

 කැකිරාව පොලිසිය පරීක්ෂණ සිදුකරයි


-සරත් එරමිනිගම්මන -ඩි.ඩබ්ලිව්.ජේ.බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad