අර්ජුනගේ පැත්ත පරාදයි තිලංගගේ ගෝලයෝ ක්‍රිකට් මුල් පුටුවලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

අර්ජුනගේ පැත්ත පරාදයි තිලංගගේ ගෝලයෝ ක්‍රිකට් මුල් පුටුවලට

https://www.gossiplankanews.com/2019/02/thilanga-arjuna-cricket-war.html#more
ද පැවති නිල වරණය අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා සහ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය. උපසභාපති තනතුරු
රවින් වික‍්‍රමරත්න හා  කේ. මතිවානන් වෙත ලැබිණි.
සභාපති ලෙස තරග කළ නවලෝක ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 56ක් පමණි.
ඡන්ද 83ක් ලබාගනිමින් ශම්මි සිල්වා මහතා සභාපති ලෙස පත් වී තිබේ.
 උප සභාපති ධුරයක් සදහා

කරග වැදුනු ඇමති අර්ජුන රණතුංග ඡන්ද 72ක් ලබාගනිද්දී ඡන්ද 82ක් ලබා ගත් රවින් වික‍්‍රමරත්න හා ඡන්ද 80ක් ලබා ගත් කේ. මතිවානන් ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධුර දෙක දිනගෙන ඇත.
රණතුංග පාර්ශ්වයෙන් තරග කළ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා මොහාන් ද සිල්වා මහතා හමුවේ පරාජයට පත්විය. මොහාන්ද සිල්වා ඡන්ද 96ක් ලබාගන්නා විට නිශාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 43ත් පමණි.
ඒ අනුව සභාපති, උපසභාපති හා ලේකම් තනතුරු සියල්ලම සුමතිපාල පාර්ශ්වය විසින් හිමිකර ගනු ලැබීම විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad