ඩුබායිහි සාදයකදී අත්අඩංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදූෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රොයන්ගේ රුධිර සාම්පලවල විෂ මත්ද්‍රව්‍ය අඩංගුවී ඇති බව හෙළි වී ඇතැයි වාර්තා වනවා.
මෙම සාදයේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් තිස් එක් දෙනාගෙන් ලබාගත් රුධිර සාම්පලවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට එරට සිදු කරන ලද පරීක්‍ෂණයෙන් අනාවරණය තිබේ. ඔවුන් හෙට ඩුබායිහි පිහිටි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සදහන්. කෙසේවෙතත් මාකදුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ මුදාහැර ඇතැයිද ඩුබායි නුවරින් වාර්තා වනවා.
ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බව අනාවරණ වී තිබේ. නිදහස් වු පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.
මේ අතර මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් දිවයිනට රැගෙනඒම සදහා තවමත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් සාකච්ඡා සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකා සරෝජා සිරිසේන නෙත් නිවුස් වෙත කියාසිටියා.
Saturday, February 9, 2019
අමල් පෙරේරාගේ රුධිරයේ කොකේන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment