මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් තිස්‌එක් දෙනා අතර කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු නොමැති බව තමා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 17 ක් වන බවත් ඉන් දස දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත්, සිවු දෙනකු එ. ජා. ප. යේ බවත්, ශ්‍රී ල. නි. ප. ය, ජ. වි. පෙ. හා ස්‌වාධීන එක් මන්ත්‍රීවරයකු බැගින් ඊට අයත් වන බවත්, මේ සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම භාරගෙන වගකීමකින් යුතුව මෙම ප්‍රකාශය කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සියලු මන්ත්‍රීවරුන් ලංකාවේ සිටින බව ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටින බව ද ඩලස් අලහප්පෙරුම මහතා කීය.
කඹුරුපිටියට ආදරය කරන පුරවැසියකු ලෙස එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‌ෂවල ආත්ම ගරුත්වය වෙනුවෙන් යුතුකමක් කොට සලකා තමා මෙම ප්‍රකාශය කරන බවත් පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධව මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍යයක් බව ද කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (08 දා) පැවැති විපක්‌ෂයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්aපෙරුම මහතා මේ බව පැවසීය.
(දිවයින)
Saturday, February 9, 2019
මධුෂ්ගේ කල්ලියේ කඹුරුපිටිය මන්ත්‍රීලා නෑ - ඩලස් කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment