කොකේන් ගහන කැබිනට් ඇමැතිවරු ඉන්නවා,මධුෂ්ට හිතවත් දේශපාලනඥයොත් ඉන්නවා - රන්ජන්ගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

කොකේන් ගහන කැබිනට් ඇමැතිවරු ඉන්නවා,මධුෂ්ට හිතවත් දේශපාලනඥයොත් ඉන්නවා - රන්ජන්ගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්

Loading...

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව මහාමාර්ග රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කියා සිටී.
එසේම දේශපාලඥයන් නිරන්තරයෙන් පාතාල නායක මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද ඇමැතිවරයා පවසයි.
පෙරේදා (11 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා කියා සිටියේ, කලාකරුවන්, ව්‍යවසායකයන්, ක‍්‍රීඩකයන් රැසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි.
එමෙන්ම ඩුබායිවල සිටින ඔත්තුකරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් රංජන් රාමනායක මහතා මෙහිදී මධුෂ් සමඟ අත්අඩංගුවට පත් වූ අය පිළිබඳ කරුණු විමසා සිටියේය.
අත්අඩංගුවට පත් පිරිස ගැන එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් බවත්, පුද්ගලයන් 31 ක් ඩුබායි පොලීසියේ රැුඳී සිටින බවත් හෙතෙම දුරකථනයෙන් පැවසීය.
ඔවුන් 31 දෙනාගේම ශරීරය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවත්, ඔවුන්ගේ මුත‍්‍රා සාම්පල පරීක්ෂණවලින් ඒ බව අනාවරණය වී ඇති බවත් එම පුද්ගලයා දුරකථනයෙන් පැවසීය.
මොවුන් තවමත් උසාවියට ඉදිරිපත් කර නොමැති අතර, ඩුබායි නීතිය අනුව එක් වරක් පමණක් මෙවැනි වරදකට හසු වූ විට පොදු සමාවක් යටතේ රටින් පිටුවහල් කිරීමට හැකියාවක් ඇති බව ද එම පුද්ගලයා රංජන් රාමනායක අමාත්‍යවරයාට දුරකථනයෙන් පැවසීය.
-Divina

No comments:

Post a Comment

Post Bottom Ad