ඥාණසාර හිමියන්ට එරෙහි පැමිණිල්ලක් අගෝස්තුවල යළි කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

ඥාණසාර හිමියන්ට එරෙහි පැමිණිල්ලක් අගෝස්තුවල යළි කැඳවයි

ඥාණසාර හිමියන්ට එරෙහි පැමිණිල්ලක් අගෝස්තුවල යළි කැඳවයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 05 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැනට සිර දඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ පොලිස් කොට්ඨාශය කියා සිටියේ පරීක්ෂණ අවසන් කොට වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 05  වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදින  මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියම කළේය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉකුත් 2017 වසරේ පොළොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක අදහස් ප්‍රකාශ කෙළේ යැයි සැකකරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad