බොරැල්ල ‍පොලීසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා හිමිකරු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

බොරැල්ල ‍පොලීසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා හිමිකරු අත්අඩංගුවට

බොරැල්ල ‍පොලීසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා හිමිකරු අත්අඩංගුවට

බොරැල්ල  රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ (24) සොයා ගැනීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ද පොලීසියට බාරවී තිබේ.

සි.සි.ටි.වී.දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ගාඩ්න්හි අංක 727 දරණ ස්ථානයේ ගාල් කර තිබියදී එම ඩිෆෙන්ඩර් රථය පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වු රියදුරු වශයෙන් සේවය කළ රත්නායක මුදියන්සේලාගේ නවිදු ඔමේෂ් රත්නායක නැමති පොතුඅරාව, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

WP.FZ 9143 යන ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුවා ලෙස වයස අවුරුදු 27 ක් වු රංචිගොඩ ආරච්චිගේ විසිත ශ්‍රී විජේසේකර නැමති, ගාලුපාර, කොළඹ 3 යන ලිපිනයේ පදිංචි තරුණයෙක් ද පොලීසියට බාර වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී ඩිෆෙන්ඩර් රථයේ සිටි බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ගෙන ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී ඩිෆෙන්ඩර් රථය සමඟ පැමිණි තවත් ප්‍රාඩෝ වර්ගයේ රථයක් රියදුරු සමඟ එහි ගමන්කල පුද්ගලයෙකු ද ඊයේ දිනයේ දී බම්බලපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රියදුරු ලෙස සේවය කළ වයස අවුරුදු 28 ක් වු දුමින්ද සුදම්මික ආටිගල නැමති, කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රාඩෝ රථයේ ගමන් කළ වයස අවුරුදු 23 ක් වු කිරන් මැතිව් දනිස් නැමති සුනේත්‍රා දේවී මාවත, පැපිලියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම ප්‍රාඩෝ රථය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ධම්මික අටිගල මහතාගේ පුත්‍රයා වන විසින් පදවා ගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් 4 දෙනාම අද (25) දින අළුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (24) අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad