පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.
අත්අඩංගුවට පත් 31ක් ඊයේ (07) අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.
මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහා රුපියල් මිලියන 30කට අධික මුදලක් වියදම් කර ඇති බවද ඩුබායි වාර්තා සඳහන් කරයි. තරු 6ක හෝටලයක පැවති එම සාදය සඳහා මධූෂ් පැමිණ ඇත්තේ සුපිරි ලිමෝසින් රථයකින් බවද අණාවරණය වී ඇත.එම රථය මේ වන විට පොලිස් භාරයටද ගෙන තිබේ.
තවද මෙම සාදයට පැමිණ අත්අඩංගුවට පත්වූවා යැයි කියන මෙරට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් හිමිවූ පුද්ගලයා කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් බවද නිළ නොලත් වාර්තා සඳහන් කරයි
Friday, February 8, 2019
මධූෂ්ගේ ඩුබායි නම අජිත් අවංක වික්‍රමසිංහ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment