කෝටි 02ක කොකේන් ලංකාවට ගෙනා බොලීවියානු කතට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 4, 2019

කෝටි 02ක කොකේන් ලංකාවට ගෙනා බොලීවියානු කතට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් මගින් ශ්‍රී. ලංකාවට ගෙන ආ බොලිවියා ජාතික විවාහක කාන්තාවකට බස්නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා
මහතා බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා වූ
සිර දඬුවමක් නියම කළේය.

අග්ග්‍රේඩා ඇල්වරාඩෝ මැක්ඩා (54) නමැති විවාහක කාන්තාවට මෙසේ දඬුවම් නියම විණි.  බොලිවියා ජාතික මෙම කාන්තාව ගුවන් තොටුපළේ හරිත මාර්ගය ඔස්සේ පිටවී යන්නට ගිය විට සැකයක් සිතී රේගු නිලධාරින් විසින් ආපසු කැඳවා පරික්ෂා කළ විට ගමන් මල්ලක ව්‍යාජ පතුලක සඟවා තිබූ මෙම කොකේන් තොගය සොයාගෙන තිබිණි. විත්තිකාරියට එරහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා තුනටම ඇය වරද පිළිගත්තාය.

2016 සැප්තැම්බර් මස 13 වෙනි දින හෝ ඒ ආසන්න දිනකදී මෙම අධිකරණ කලාපයට අයත් කටුනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළින් ලබාගත් ග්‍රෑම් 18,882ක් බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලදැයි ද, ළඟ තබා ගන්නා ලදැයි ද ඡාවාරම් කරන ලදැයි ද මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටියාය.

විත්තිය වෙනුවෙන් නිතිඥ ගයානි වාසනා ජයසිංහ  පෙනී සිටියාය.

(මීගමුව. ඩබිලිවි. හියුබට් ප්‍රනාන්දු)

No comments:

Post a Comment

Post Bottom Ad