ගිනි ගනිමින් පවතින X-PRESS PEARL නෞකාවේ සිට සාගර ජලයට තෙල් කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
නෞකාවේ නවතම වීඩියෝ දර්ශන අප වෙත ලැබී ඇති අතර එයින් ද පෙනී යන්නේ මෙලෙස තෙල් පැල්ලමක් සාගර ජලය මතුපිට පවතින බවයි.
මෙලෙස සාගරයට නිදහස්වන තෙල්වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව ඇතුළු ආයතන මේවන විටත් යුහුසුළුව කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා දැඩි පාරිසරික හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවනවා.
මේ අතර හටගෙන ඇති හදිසි තත්ත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට නාවික හමුදාධිපතිවරයා ගේ දැනුම් දීම මත ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ද සූදානම් වනවා.
ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත නෞකාවක් අද (25) රාත්‍රිය වන විට ගිනිගන්නා නෞකාව ආසන්නයට පැමිණීමට නියමිව ඇති බව සඳහන්.
එමෙන්ම ගිනි නිවීමට භාවිතා කරනු ලබන, රසායනික ද්‍රව්‍ය සහ තෙල් හානි වළක්වන රසායන ද්‍රව්‍ය රැගත් ඩෝනියර් ගුවන් යානාවක්ද ඇතිවන ඕනෑම අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් කර තිබෙන බව නාවික හමුදාව නිවේනදය කරනවා.

No comments:
Post a Comment