දරුවා පැදවු වාහනය වාහන 4ක් හප්පයි.. අයෙක් මරුට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 4, 2021

දරුවා පැදවු වාහනය වාහන 4ක් හප්පයි.. අයෙක් මරුට..

වයස අවුරුදු දාසයක් වූ බාලවයස්කාර තරුණෙයකු විසින් පැදවූ අධිසුඛෝපභෝගි මෝටර් රථයකට හැපීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. අනතුර හේතුවෙන් තවත් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.

මෙම අනතුර අද පෙරවරුවේ සිදුව ඇත්තේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදීය.

තරුණයා විසින් පදවන ලද මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළ යතුරු පැදිය දෙකක්, ත්‍රීරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලිසිය සදහන් කරන්නේ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad