පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ. ‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ යනුවෙන් නම් කර ඇති මෙම පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53 ක්ම අහෝසි වන අතර,  ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් වනු ඇත. 

පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත මෙම අලුත් පණත් කෙටුම්පත මගින් අහෝසි වේ. ඒ අනුව, සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමි වේ. දැනට සකස් කර ඇති නව පනතට අනුව, පෞද්ගලික අංශයට හිමි වීමට නියමිත වන්නේ, ‍පොහොය නිවාඩුව පමණි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව, නත්තල් නිවාඩුව, ආදී නිවාඩු ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හාම්පුතුන් සතු වනු ඇත. වෙළෙඳ නිවාඩු අදාළ නොවන අතර, වැඩ කරන පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා දීර්ඝ කර ඇත.

සේවක සේවිකාවන් පහළොවකට වැඩි පිරිසක් සිටින සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට පාලනාධිකාරියට පනවා තිබූ නීතියද සංශෝධනය කර ඇති අතර, ඒ වෙනුවට සේවකයන් 50 ක් හෝ ඊට වැඩි නම් පමණක් සේවකයන්ට පාරිතෝෂික ගෙවිය යුතු බව සඳහන් වේ.

‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ හා ලෝක බැංකුවේ ණය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන්නක් බවද පැවැසේ

(ලක්බිම)

No comments:

Post a Comment

Post Bottom Ad