2017 දී කඳුළු ගෑස් ගන්න එක්කෝටි අටලක්‍ෂයක් වැය කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

2017 දී කඳුළු ගෑස් ගන්න එක්කෝටි අටලක්‍ෂයක් වැය කරලා



කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී රුපියල් එක් කෝටි අටලක්ෂ නවදහස් අටසීයක් (1,08,09,800.00* වැයකර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. 2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදීගෙන නොමැති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්‍ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති පිළිතුරෙහි මේ බව සඳහන් වේ. ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පෙරේදා (23)දා* මෙම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 
 කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන් Divaina

No comments:

Post a Comment

Post Bottom Ad