ලාල්කාන්ත ලබන 14 දක්වා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

ලාල්කාන්ත ලබන 14 දක්වා රිමාන්ඩ්

ලාල්කාන්ත ලබන 14 දක්වා රිමාන්ඩ්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (01) දහවල් අනුරාධපුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේය.

ලාල් කාන්ත මහතා ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

අනතුර සිදුවු අවස්ථාවේ කේ.ඩී ලාල්කාන්ත මහතා බීමත්ව සිට ඇති අතර බීමතින් රිය පදවා අනතුර සිදු කිරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad