දියමන්ති කොල්ලයට සම්බන්ධ 2ක් අල්ලයි - මධූෂ්ගෙත් සම්බන්ධයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

දියමන්ති කොල්ලයට සම්බන්ධ 2ක් අල්ලයි - මධූෂ්ගෙත් සම්බන්ධයක්

දියමන්ති කොල්ලයට සම්බන්ධ 2ක් අල්ලයි - මධූෂ්ගෙත් සම්බන්ධයක්

මහරගම පොලිස් වසමේ දී කෝටි 700 ක් පමණ වටිනා දියමන්ති හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑමේ සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2018 නොවැම්බර් මස 05 වන දින සිදුව ඇතැයි සැලකෙන මෙම කොල්ලයට සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාශය අපරාධ විමර්ශන ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබිණි.

එම විමර්ශනවලට අදාළව දියමන්ති හා මැණික් ගල් බැහැර කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අද(01) පිළියන්දල, මෑවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වු කුරුඳුවත්ත, රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා එම වයසේම පසුවන වැලිහිඳ, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකුගේ බාප්පා කෙනෙකු මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බව ද පොලීසිය වාර්තා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad