"ජිනීවා යෝජනා සහ ශ්‍රී ලංකාව" - ‘සංවාදය’ වැඩසටහන අද පස්වරු 5.30ට (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

"ජිනීවා යෝජනා සහ ශ්‍රී ලංකාව" - ‘සංවාදය’ වැඩසටහන අද පස්වරු 5.30ට (VIDEO)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇතුළු කාරණා මුදුන්පමුණුවා ගැනීම යැයි පවසා ගෙන ආ 30/1 ජිනීවා යෝජනා ගැන මේවන විට දැඩි කතාබහකට ලක්ව තිබේ. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පසුගිය පෙබරවාරි 25 වනදා ආරම්භ කළ අතර එය ලබන 25  වනද දක්වා ජිනීවාහිදී පැවැත්වේ. මෙවරද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ 30/1 ජිනීවා යෝජනාවේ සපුරාලිය යුතු කොන්දේසිවල ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව ජිනීවා යෝජනා සහ ශ්‍රී ලංකාව යන කාරණය ඔස්සේ ඒෂියන් මිරර් සංවාදය සජීවි වැඩසටහනට අද සහභාගී වන්නේ රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතාය.

එම සජීවි වැඩසටහන ඒෂියන් මිරර් වෙබ් අඩවිය සහ ඒෂියන් මිරර් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද පස්වරු 05.30ට විකාශය කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad