මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු 4ක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු 4ක් අත්අඩංගුවට

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු 4ක් අත්අඩංගුවට

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා පර්පචුවල් ට්‍රෙෂරිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් අයතනයේ අධ්‍යක්ෂකවරුවන්වන  පුෂ්පමිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රංජන් හුලුගල්ල , මුතුරාජ සුරේන්ද්‍රන් යන අයයි.

මෙම සිව්දෙනා ඔවුන්ගේ නිවසසේදි අද උදැසන අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන් වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad