පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු මත උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදී දඬුවමෙන් නිදහස් කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා සඳහන් කළේය.
උන්වහන්සේ මෙලෙස සිරබත් කෑම අසාධාරණයක් බවත් කී හෙතෙම ඥානසාර හිමියන්ට මෙලෙස දඬුවම් විඳීමට ඉඩදීම කොතරම් සාධාරණදැයි රජයෙන් විමසන බවත් හෙතෙම පැවසීය.
ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා එම අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශී‍්‍ර සද්ධර්ම රාජිත විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා මෙසේද පැවැසීය.
"අතුරුදන්ව සිටින එක්නැලිගොඩ මහතාගේ පාර්ශවයන් අපේ හමුදාවන්ට එරෙහිව ජිනීවා යද්දී ඊට එරෙහිව ජිනීවා යන්න යැයි ඥානසාර හිමියන්ටත් නොයෙක් උපදෙස් ලැබුණා. නමුත් උන්වහන්සේ මට ඒ ගැන කිව්වේ අපේ අධිකරණය හෑල්ලූ වන නිසා තමන්වහන්සේ එහි නොයන බවයි. අධිකරණය කියා කෑ මොර දෙන අය තමයි විදෙස් විනිසුරුවන් මෙරටට ගෙන ඒම සඳහා පාර කපන්නේ. ඥානසාර හිමියන් අපට උපදෙස් දී තිබෙනවා මෙම නඩුව පස් පුද්ගල හෝ එක් පුද්ගල විනිසුවරුන්ගෙන් සමන්විතව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. අපි ඒ ගැන මේ වන විට කටයුතු කරමින් සිටිනවා. තවම ඒ ගැන තීරණය ගෙන නැහැ. ඥානසාර හිමියන්ට එරෙහිව ලබාදුන් නඩු තීන්දුව ගැන මම කතා කරන්නේ නැහැ. එහෙම කළොත් ජනාධිපති නීතිඥයකු ලෙස මම වරදක් කරනවා. ඥානසාර හිමි අධිකරණයට අපහාස කළා යැයි සඳහන් කරන දිනයේ සඳහන් කළේ මෙපමණයි. මේ රණවිරුවන්ට ඇප දීමට ක‍්‍රමයක් නැද්ද යන්න පමණයි උන්වහන්සේ විමසුවේ. විනිසුරුතුමා උන්වහන්සේට නිහඬ වන ලෙස කිසි විටෙක සඳහන් කළේ නැහැ. ඒ සංවාදය බොහෝම සාමකාමී එකක්."
"ඥානසාර හිමියන් එදා හැඟුම්බර වුණේ රණවිරුවන් උන්වහන්සේට වැඳ නමස්කාර කරද්දී ඔවුන්ගේ ඇස්වල කඳුළු අපේ හිමියන්ගේ අත්වලට වැටුණු පසුවයි. එතනදී තමයි ඇප ගන්න බැරිද කියා ඇහුවේ. වරදක් වුණානම් සමාවන්න කියලත් කිව්වා. ඊට පසුවයි පැමිණිලි පාර්ශවය අධිකරණය ඇතුළට ඇවිත් සද්ද කර ප‍්‍රශ්නයක් ඇති කළේ. ඥානසාර හිමි එවලේදී තමයි නපුසංක ආණ්ඩුවේ නිලධාරීන් කියලා චෝදනා කළේ. හමුදුරුවෝ පාර්ලිමේන්තුවේ විසඳගන්නම් කියා එතනින් එළියට වැඩියා. ඇත්තටම එදා අධිකරණයේ කැළඹිල්ල කළේ පැමිණිල්ලේ නීතිඥයන්. ඇත්තටම නඩු දාන්න ඕන ඒ අයටයි. නමුත් එතන වූ දේ සාක්‍ෂි ඉදිරිපත්වී ඇත්තේ ව්‍යාකූල ලෙසයි. ඥානසාර හිමි කිසි විටෙක අධිකරණයට අපහාසයක් හෝ වරදක් හෝ කිසිදු බලපෑමක් කර නැහැ. එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම මරණයක් වී ඇති බවට ඔප්පු කිරීමට රජයේ නීතිඥයන්ට කිසිදු සාක්‍ෂියක් නැහැ. අතුරුදන්වීමක්, මරණයක් වී ඇති බවට පූර්ව නිගමනයක් කිරීමට ඔබට නීතියෙන් හැකියාවක් ඇත්දැයි විනිසුරුතුමා රජයේ නීතිඥයන්ගෙන් විමසනවා. නමුත් ඔවුන්ට ඊට පිළිතුරු නැහැ. මේ නඩුවට තිබෙන්නේ එවැනි පසුබිමක් බව කිව යුතුයි. එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම ඝාතනයක් යැයි ස්ථිර නැති මොහොතක රට වෙනුවෙන් ජීවිතය දුන් මිනිසුන්ට බොරු චෝදනා කිරීම සාධාරණදැයි කියා මම විමසනවා. ඒ නිසා ඥානසාර හිමි සිරගෙදර රඳවා තබා ගෙන සිටීම සාධාරණද යැයි මම වගකිවයුත්තන්ගෙන් විමසනවා. ඥානසාර හිමි මේ වගේ හිරබත් කෑම බොහෝම අසාධාරණයි."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
Wednesday, March 27, 2019
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති සමාව දිය හැකියි - ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment