ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ලියාපදිංචි කිරීම සඳහා උත්සහ ගත් හමුදා කපිතාන්වරයෙකු පිළිබඳව හමුදා පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිිබෙනවා.
මොහු රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයට පැමිණ ඇති අතර අනතුරුව එහි ප‍්‍රධානියකු වෙත ඉස්ලාමීය සංවිධානවලට අදාළ ලිපි ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා.
එහෙත් කපිතාන්වරයාගේ ඉල්ලීම අදාළ නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම ඉස්ලාමීය සංවිධාන දෙකෙහි ප්‍රධානීන් රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයට පැමිණ නොමැති වීම ද විශේෂත්වයක්.
අදාළ සංවිධාන දෙකින් එකක් ති‍්‍රකුණාමලයේ ස්ථාපිත කර ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කිරීම එහි අරමුණ බවටත් අදාළ ලිපි ලේඛණවල දක්වා තිබුණු බව පුවත් ආරංචි මාර්ග පවසනවා.
-asianmirror

No comments:
Post a Comment