විභාග ලියන්න ජීවම් කළ පෑන් දෙන දේශපාලඥයින්ට බිමල්ගෙන් චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

විභාග ලියන්න ජීවම් කළ පෑන් දෙන දේශපාලඥයින්ට බිමල්ගෙන් චෝදනාවක්

විභාග ලියන්න ජීවම් කළ පෑන් දෙන දේශපාලඥයින්ට බිමල්ගෙන් චෝදනාවක්

විභාග සමත්වීම සඳහා ඒ සඳහා උත්තර ලිවීමට ජීවම් කළ පෑන් යනුවෙන් පෑන් ලබාදෙන දේශපාඥයින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ලංකාවේ දුප්පත් ජනතාව මිත්‍යාෙව්, ණයේ, පීඩනයේ හා අතවරයේ චක්‍රයකට ඇතුළත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට බෙලිකටු විකුණන ස්ථානයක් ඇති බවත් ඔහු සඳහන් කළේය. එසේම රුපියල් 50000ක ක්ෂුද්‍ර මූල්‍ය ණයක් ලබාගත් කාන්තාවක් එම මුදලින් රුපියල් 35000ක් වැය කර සිය දරුවා විභාග සමත්වීමට යැයි සඳහන් කරමින් සුරයක් පැළඳ තිබුණ බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad