ඩේවිඩ් විලී තර්කයෙන් පැරද පළා ගිය විඩීයෝව ඉවත් නොකලොත් දෙරණට,හිරුට,ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවට තර්ජන. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

ඩේවිඩ් විලී තර්කයෙන් පැරද පළා ගිය විඩීයෝව ඉවත් නොකලොත් දෙරණට,හිරුට,ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවට තර්ජන.

Loading...
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ අතුරු සැසියකදී මහාචාර්ය චන්න ජයසුමන සහ කොටි හිතවාදියකු ලෙස සැලකෙන මහා බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් විලී අතර පැවතී තර්කයකින් පසු ඩේවිඩ් විලී සංවාදයෙන් නැගිට පලා යන ප්‍රවෘතිය එදින රාත්‍රී දෙරණ සහ හිරු මාධ්‍ය ජාල වලින් විකාශය වීමෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානි වූ බවත්, පෞද්ගලිකත්වයට හානි වූ බවත් පවසමින් එම විඩීයෝ දර්ශන සහිත පුවත් අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙසත් එසේ නොකළහොත් දෙරණට, හිරුට, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවත් ඩේවිඩ් විලී ජගත් දේශප්‍රේමී ලංකික සංසදයට දැනුම් දී ඇත.
ඒ බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා තහවුරු කළේය.
මේ අතර එම තර්ජනයට පැය කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අභ්‍යන්තර විවේකාගාරයේ ඩේවිඩ් විලී සහ සුමන්තිරන් කතාබහක නියැලෙන ජායාරුපයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයකු සමත් වී ඇත.
දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානියකු වන එම්මානුවෙල් පියතුමාද ජායරූපයේ දැක්වේ.
-lankasinhalnews



No comments:

Post a Comment

Post Bottom Ad