එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා

එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලයක් යටතේ නඩු පැවරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසියේදී ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සෙවීමට දේශීය යාන්ත‍්‍රණයක් තිබුණේ නැති බව ඇය කීවත් ඒ වෙනුවෙන් දේශීයව කොමිෂන් සභා තුනක් තිබූ බව කී වීරසේකර මහතා ඒ එකකින්වත් කිසිම හමුදා ජෙනරාල්වරයෙක් වරදක් කළ බව තහවුරු වී නැතැයි සඳහන් කළේය.

ජිනීවා නුවරදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කීවේය.

‘ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳව මෙහිදී කතා කරනවා. නමුත් අද අප මේ ගැනත් කිව යුතුයි. යුද හමුදාවේ ජෙනරාල්වරු දෙමළ ත‍්‍රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව කිව යුතුයි. මෙම ජෙනරාල්වරු යුද පෙරමුණේ සිටි අයයි. ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් පවා හෙළා දැකපු එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂඥ වාර්තා වේ අඩංගු සාවද්‍ය යුද අපරාධ චෝදනා ජිනීවා මහ කොමසාරිස්වරිය පිළිගෙන තිබෙනවා. අපේ ජෙනරාල්වරුන්ට විරුද්ධව සර්ව ලෝක අධිකරණ බලය යටතේ නඩු පැවරිය යුතුය කියා ඇය සිතනවා. දේශීය යාන්ත‍්‍රණයක් තිබුණේ නැත කියා ඇය කියනවා. එය සත්‍යයෙන් තොරයි. මේ ගැන සෙවීමට දේශීය කොමිසම් තුනක් තිබුණා. ඒ එකකින් වත් මේ කිසිම ජෙනරාල්වරයෙක් කිසිම අපරාධයක් කළ බව ඔප්පු වී නැහැ. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත් කිරීම පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය කනස්සල්ල පළ කරනවා. ජනාධිපතිවරයා ඔහුව පත් කළේ සුදුසුකම් මතයි. එය අපේ අභ්‍යන්තර කටයුත්තක්. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව ඇයට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්න බෑ. මහ කොමසාරිස්වරිය සමූහ මිනී වළ ගැනත් කතා කරනවා. අතුරුදන් කාර්යාලය කාබන් කාල නිර්ණය කිරීම සඳහා එහි සාම්පල යැව්වේ යුද හමුදාවට වගකීම පවරන්නයි. නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600 ක් පැරණි බවට දැන් සනාථ වී තිබෙනවා .

No comments:

Post a Comment

Post Bottom Ad