Loading...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට සිංගප්පූරුව මැදිහත් නොවුණු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍ර මෙරට ලබාදෙන්නැයි සිංගප්පූරු අගමැතිගෙන් තමන් පුද්ගලිකව ඉල්ලීමක් කළද මෙතෙක් ඒ පිළිබඳ කිසිවක් සිදුකර නැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත්ය.
මෙම ප්‍රකාශයට පිළිතුරු ලෙස සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කරන්නේ හිටපු මහබැංකු අධිපති ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් උදර්පණ නීතිය යටතේ අවශ්‍ය වන තොරතුරු රැසක් ශ්‍රීලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් මෙතෙක් එම ලිඛිත කරුණු තමන්ට ලැබී නැති බවයි.
එම තොරතුරු ලබාදෙන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බවද සිංගප්පූරුව සඳහන් කර සිටී.
-lankasinhalanews
No comments:
Post a Comment