මහනුවර නගරය යටින් උමං මාර්ගය කැබිනට් අනුමතයි,දලදා මාලිගාව කඩා වැටෙයි,වැවේ වතුර කාන්දු වේ යයි චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

මහනුවර නගරය යටින් උමං මාර්ගය කැබිනට් අනුමතයි,දලදා මාලිගාව කඩා වැටෙයි,වැවේ වතුර කාන්දු වේ යයි චෝදනා

Loading...

ඇතැම් පුද්ගලයින්ගේ ප‍්‍රකාශයන් හේතුවෙන් අඩපණ වී තිබෙන මහනුවර උමං මාර්ගය හැකි ඉක්මනින් ඉදි කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අතරතුර කළ කතාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මහනුවර නගරයේ තදබදය අවම කිරීමට ස`දහා තැන්නේකුඹුරේ සිට සුදුහුම්පොළ දක්වා උමං මාර්ගය නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය හිමී වී තිබෙනවා. කොරියන් රජයෙන් ඒ ස`දහා ආධාර වෙන් කිරීමටද සූදානමින් සිටිනවා.නමුත් ඇතැම් අය මෙම උමං මාර්ගය ඉදි කළහොත් දළාදා මාළිගාව කඩා වැටෙයි හා මහනුවර වැවේ ජලය කාන්දුවෙයි යන ආකාරයේ පුහු තර්ක ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙහි වැඩකටයුතු නතර වී තිබෙනවා.
ලෝකයේ බොහෝ නගරවල පෙළොව යට තවත් නගරයක් පවතිනවා.දකුණු කොරියාව මෙම වැඩ සදහා දක්ෂ රටක්.ඉදිරි කාලයේ මේ හුඹස් බිය නැති වී මෙම බාධාවන් ඉවත් වී හැකි ඉක්මනින් මහනුවර උමං මාර්ගය නිර්මාණය කිරීමට හැකිවේවි යැයි මම සිතනවා.
එමෙන්ම මහනුවර උමංමාර්ගය සංවර්ධන කාර්යය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාද අදහස් දැක්වූ අතර එහිදී ඔහු සිදු කළ ප‍්‍රකාශය පහත දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
ඇත්තෙන්ම කළ නොහැකි දේවල් ලෝකයේ කොහේවත් නැහැ.ලෝකයේ කොපමණ උමං මාර්ග ප‍්‍රමාණයක් පවතිනවාද ඔබතුමා සදහන් කළ ආකාරයට කොරියාවේ සෝල් නගරයේ පොළව යට නගරයක් පවතිනවා. මෙවැනි මිත්‍යා කතා වලට වහල් වෙනවා කියන දෙයින් තවත් සිදු වන්නෙ මේ රට තවදුරටත් පසුගාමීත්වයට ලක් වීමක්. මහයියාව හා අරුප්පොළ ආශ‍්‍රිතව පවතින ගැටලූ විසදීම ඔබතුමා ආරම්භ කළා. ඔබතුමා දැන් ඒ ස්ථානයේ නැහැ. මම ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත්වෙනවා. ඔබතුමා අතින් නුවර ප‍්‍රදේශයේ මහා මාර්ග සංවර්ධන ක‍්‍රියාවලියේ විශාල සංවර්ධන ක‍්‍රියාවලියක් ආරම්භ වී තිබුණා.එහි ඉතිරි වැඩ කොටස සාර්ථකව නිම කිරීමට ඔබතුමන්හට ශක්තිය ලැබිය යුතුයි යැයි අපි ප‍්‍රාර්ථනා කළා. මහනුවර සංවර්ධනය සදහා කවුරුන් හෝ ඉදිරිපත්වෙනවා නම් පූර්ණ සහයෝගය දැක්වීම අප සැමදෙනාගේම වගකීමක්. එමෙන්ම ඔබතුමාට වෙන් කර තිබූ මුදල් කප්පාදුවකට ලක් කරලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා පැත්තකට කරලා ඔබතුමා ගෙන ගිය වැඩපිළිවෙලවල් කඩා කප්පල් කිරීමට මේ කරනු ලබන වැඩ පිළිවෙලවල් වලට හේතුව මොකක්ද කියන දෙය සොයා බැලිය යුතු කරුණක් වෙනවා.
– lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad