ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිට හොරෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිට හොරෙන්

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිට හොරෙන්

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වූ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නැතැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අනාවරණ කළේය.

 රාඝවන් මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එවැනි සංවේදී කාරණාවක් සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කර තීන්දු ගැනීම අත්‍යාවශ්‍ය බව ආණ්ඩුකාරවරයා කියාසිටියේය.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව මාස එකහමාරකට පමණ පෙර මෙරටට යොමුකර තිබෙන අතර විරෝධතා ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු වුවත් එලෙස සිදු නොවී ඇති අතර අවසාන වශයෙන් සම අනුග්‍රහය දක්වන බවද ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම ඒක පාර්ශවීය වශයෙන් සිදුව ඇති බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි පසුබිමක් තුළ මානව හිමිකම් සැසියේදී සිදුකිරීමට ඉතිරිව තිබුණේ මහ කොමසාරිස්වරිය නිල වශයෙන් සිය යෝජනාව සභාගත කිරීමෙන් පසු ප්‍රති උත්තර බැඳීම සඳහා ලේඛනය සකස් කර ගැනීම බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad