මධුෂ්ගේ ගෝලයාගේ ගෙදර තිබූ සිම්කාඩ් වලින් තොරතුරු රැසක් එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

මධුෂ්ගේ ගෝලයාගේ ගෙදර තිබූ සිම්කාඩ් වලින් තොරතුරු රැසක් එළියට

මධුෂ්ගේ ගෝලයාගේ ගෙදර තිබූ සිම්කාඩ් වලින් තොරතුරු රැසක් එළියට

මාකඳුරේ මධුෂ්ගේ ළඟම ගෝලයා වූ ඉන්දික සම්පත් කුලියට ගෙන තිබූ මොරටුව රාවතාවත්තේ පිහිටි නිවසේ සඟවා තිබූ සිම්කාඩ් තොගය පිළිබඳව කරගෙන යනු ලබන විමර්ශනවලදී මධුෂ් ඇතුළු ඔහුගේ හිතවතුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය විවිධ තරාතිරමේ පුද්ගලයන් රාශියකගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පුවත්පතකට පවසා ඇත.
 
මෙම පුද්ගලයන් පිරිසගේ සුලමුල ඉදිරි දින කීපය තුළ හෙළි කරන බව ද හෙතෙම පැවසීය.
 
මේ අතර මධුෂ්ගේ ගෝලයා වූ ඉන්දික සම්පත් ඇසුරු කළ පුස්තකාල සහායකවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර මධුෂ්ට අයත් මුදල් සහ තවත් වැදගත් තොරතුරු රැුසක් ඇයගෙන් හෙළි විය හැකි බව ද පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad