හිටපු ඇමතිවරු 19ක් තවමත් නිල නිවාසවල - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

හිටපු ඇමතිවරු 19ක් තවමත් නිල නිවාසවල

හිටපු ඇමතිවරු 19ක් තවමත් නිල නිවාසවල

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කිහිපවරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනෙකුට ඔවුන්ගේ ධුර කාල සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ.

අලුතින් පත් වු අමාත්‍යවරු 20 දෙනෙකු මේ වන විට නිල නිවාස ඉල්ලා ඇති නමුත් හිටපු අමාත්‍යවරු මෙලෙස තවමත් නිල නිවාසවල රැඳි සිටීම නිසා එම නව අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීයෙකු පුවත්පතකට ප්‍රකාශයක් කර ඇත.

අමාත්‍යවරුන් නිල නිවාස ලබා දෙන්නේ ධූරය සදහා බැවින් ඉවත්වූ විට ඒවා නැවත භාරදිය යුතු අතර නිවසින් පිටවීම සඳහා කෙටි කාලසීමාවක් ගත හැකි වුවත් මෙසේ දීර්ඝ කාලයක් බලහත්කාරයෙන් රැඳී සිටීම ගැන ගැටලුවක් පවතින බව එම නිලධාරියා පවසා ඇත
අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දෙන්නේ එහි කුලිය ලෙස වැටුපෙන් සියයට 10ක ප්‍රමාණයක් අයකර ගැනීමෙන් ම නතර ධුරයෙන් ඉවත් වූ පසු මෙම අමාත්‍යවරු 19 දෙනා අතරින් කිහිපදෙනෙක් පමණක් එම කුලිය ලබාදීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad