යුධ අපරාධ සිදු වුණා කියා පෙන්වමින් මෙරට අස්ථාවර කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ගැන ප්‍රසන්න කතා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

යුධ අපරාධ සිදු වුණා කියා පෙන්වමින් මෙරට අස්ථාවර කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ගැන ප්‍රසන්න කතා කරයි

යුධ අපරාධ සිදු වුණා කියා පෙන්වමින් මෙරට අස්ථාවර කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ගැන ප්‍රසන්න කතා කරයි

රනිල්ලාට, මංගලලාට, චන්ද්‍රිකාලාට ඕනෑ වෙලා තියෙන්නේ ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ රටවල් සමඟ  එකතුවෙලා මේ රටේ යුධ අපරාධ සිදු උනා කියලා පෙන්වමින් මෙරට අස්ථාවර කිරීමේ ක්‍රමන්ත්‍රණයක් සිදු කිරීමට බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා  පැවැසීය.

කොත්මලේ, තවලන්තැන්න ප්‍රදේශයේදී ඊයේ (23) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම සමග පිළිසඳරක් වැඩ සටහනට එක්වෙමින් ඒ මහතා එසේ පැවැසීය. එහෙදී තව දුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණවීර මහතා මෙසේද කීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඒකාබද්ධ විපක්ෂයේ අපි මේ රටේ රණවිරුවන් වෙනුවෙන් හැම අවස්ථාවකම පෙනී ඉන්නවා. තිස් වසරක යුද්ධයෙන් රට බේරා ගත් විරෝධාර රණවිරුවෝ වෙනුවෙන් අපි හැමදාමත් ඉන්නවා. අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි පිටරටට ගැතිකම් කරන්නේ නැති බව. අපි කියන්නේ මේ රටේ නීතියක් තියෙනවා.  යම් කිසි දෙයක් සිදුව තිබෙනවානම් එම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පිටරටවල් ඇගිලි ගහන්න අවශ්‍ය නැහැ. මේ අයවැය සම්මත කර ගත්තේ කොහොමද ආණ්ඩුවට බහුතරය ඉන්නවද දෙමළ සන්ධානයත් එක්ක එකතු වෙලා අයවැයට පක්ෂව ලැබුනේ ඡන්ද 119 යි. දෙමළ සන්ධානයේ ඡන්ද ගන්න ඔවුන්ට නොයෙක් වරප්‍රසාද හා අල්ලස් දුන්නා. සුමන්දිරන්ට පිටරට සවාරි දුන්නා. සම්බන්දන්ට කොළඹ ගෙවල් දුන්නා. ඒ වගේ අල්ලස් දීලා පසුපෙළ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා තමයි අයවැය සම්මත කර ගත්තේ. අපේ රටේ යුධ අපරාධ පිළිබඳව සුමන්දිරන් ජීනීවා ගිහින්  පැමිණිලි කරනවා කියලා කියනවා. අපි කියනවා සුමන්දිරන් උඹ පැමිණිලි කරපන්. ඒ එන්නේ උඹේ හඬ නෙවෙයි. ඒ එන්නේ රනිල්ගේ හඬයි. මේ රටේ රණවිරුවෝ යුධ අපරාධ කළේ නැහැ. හයිබ්‍රයිඩ් අධිකරණ අපේ රටට ඕනෑ නැහැ”

No comments:

Post a Comment

Post Bottom Ad