"රට තුළ යුක්තිය ඉටු වෙන්නේ නැත්තම් ජාත්‍යන්තරයට යන්න අයිතියක් තියෙනවා" -ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

"රට තුළ යුක්තිය ඉටු වෙන්නේ නැත්තම් ජාත්‍යන්තරයට යන්න අයිතියක් තියෙනවා" -ෆොන්සේකා

රට තුළ යුක්තිය ඉටු නොවන්නේනම් එම ගැටලුව රටේ ඕනෑම පුරවැසියෙකුට ජාත්‍යන්තරය ඉදිරියට රැගෙන යෑමේ හැකියාව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි.

වැරදිකරුවන්ට රට තුළ නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් උතුරේ දේශපාලකයන් ඊට එරෙහිව ක්‍රියා කරන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

එබැවින් දේශපාලනය මැදිහත් කරගැනීමකින් තොරව රටේ වැරදිකරුවන් වෙනුවෙන් නිසිආකාරව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම ගැටලුව නිරවුල් කරගත හැකි බවත් එමෙන්ම යුධ අපරාධ පිළිබඳව ඇති සියළු චෝදනා යුද්ධය පැවති සමයේ සිදු වු සිදුවීම් නොව ඉන් පසුව සිදු වූ ඒවා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

කැළණිය පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad