නාමල් කුමාරට පොලිස්පති පූජිත් චෙක් එකක් යැවූ බව හෙළිවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

නාමල් කුමාරට පොලිස්පති පූජිත් චෙක් එකක් යැවූ බව හෙළිවේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව දූෂණ විරෝධි බළකායේ අධ්‍යක්ෂ  නාමල් කුමාර,
අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ දුරකථන සංවාද හඬපට තුළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේකටහඬද ඇතුළත්ව ඇති බව රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
චෙක්පත් ලැබුණේද මුදල් ලැබුණේද යන්න පිළිබඳව මෙන්ම එකී මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසට පොලිස්පතිවරයා දුන් අවවාද එකී හඬපටය තුළ අන්තර්ගතව ඇති බවද දැන ගැනීමට තිබෙයි.

එකී කටහඬ ඇතුළත් සාම්පල් වාර්තාව පසුගිය සතියේ රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්
අධිකරණය වෙතද භාර දී ඇත.

තවද, එකී සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් පසුගිය සතියේ
දෙවැනි වතාවටත් පැය තුනක් පමණ වේලා ප්‍රශ්නකර ඇති බවද වාර්තා වෙයි.


කුමුදු උපුල් ශාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad