ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.
එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පක්ෂයේ ඒකමතික තීරණය වී ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ බව ද සඳහන් වේ.
එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එක් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා ද සිදු වෙමින් පවතී. එම සාකච්ඡාවල ඉදිරි වටයේ සාකච්ඡාවන් එළැඹෙන අප්‍රේල් මාසයේ 10 වැනිදා ඇරඹීමට නියමිත බව ද වාර්තා වේ.
Monday, March 25, 2019
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment