දෙමළ ඩයස්පෝරාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

දෙමළ ඩයස්පෝරාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

දෙමළ ඩයස්පෝරාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් දෙමළ ඩයස් පෝරාව විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් බාර දී තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ජිනීවා නුවරට පැමිණි අවස්ථාවේදී ඔහුගේ නිල කාර්යාලයට ගිය දෙමළ ඩයස් පෝරාවේ නියෝජිතයින් පිරිසක් එම ලිපිය බාර දී තිබේ.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ යුද සමයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස  ජිනීවා මානව හිමිකම් මණ්ඩලය යෝජනා කොට ඇතත් එය මෙතෙක් ඉටු නොවීම නිසා මේ අවස්ථාවේදී හෝ එය ක්‍රියාවට නංවන ලෙස කොමිසමට බල කරණ ලෙසයි.

එමෙන්ම මානව හිමිකම් මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවට ඉටු කරණ ලෙස යෝජනා කොට ඇති සියලුම දේ කල් පසු කිරීමකින් තොරව ඉටු කරණ මෙන් ශ්‍රී ලංකාවට බල කරණ මෙන්ද දෙමළ ඩයස් පෝරාවේ නියෝජිතයින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad