2019 අයවැය ගැන විපක්ෂ නායකගෙන් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

2019 අයවැය ගැන විපක්ෂ නායකගෙන් නිවේදනයක්

2019 අයවැය ගැන විපක්ෂ නායකගෙන් නිවේදනයක්

ඡන්ද පෙරදැරි කර ගනිමින් ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම, එම වියදම් පියවීමට මහා පරිමාණයෙන් ණය ගැනීම, හා එම ණය ගෙවීමට මහා පරිමාණයෙන් බදු ගැසීමේ විෂම චක්‍රයක් වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන බවට සඳහන් කරමින් විපක්ෂ නායක මහිව්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
 
ජනතාවට විවිධ සහානාධාර සහ දිමනා ලබා දිමට 2019 අයවැයට අනුව නියමිත තිබේන බවත් ඒ සියල්ල සිදු කර ඇත්තේ 2019 වසර මැතිවරණ වසරක් හේතුවෙන් නිසා බවට සැකයක් පවතින බවද විපක්ෂ නායකවරයා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

අයවැය අනුව ආණ්ඩුව විසින් තවත් පවුල් 600,000කට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම සාධාරණීකරණය කරන්නේ දේශපාලන හේතුන් මත සමෘද්ධි ලාභීන් විය යුතු පවුල් විශාල ගණනකට එම ප්‍රතිලාභ අහිමි කර තිබු බව කියමින් බවත් මේ ආකාරයට දිගුකාලයක් තිස්සේ පැවතුනා යැයි කියන අසාධාරණයක් ආණ්ඩුවේ අවධානයට යොමු වී ඇත්තේ අවුරුදු හතරකට වඩා කාලයක් රට පාලනය කිරීමෙන් පසුව වීම මවිතයට හේතුවක් බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

ආණ්ඩුව මේ ගැන කරන ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ අලුතින් බඳවා ගන්නා සමෘද්ධි ලාභින් 600,000,  දේශපාලන නිර්ණායක මත තෝරා ගන්නා අය විය යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා එහිද සඳහන් කර තිබේ.

මෙවැන්නක් ඔවුන් කරන්නේ දුගීභාවය තුරන් කිරීම පෙරදැරි කරගෙන නනෙ බවත් ඡන්දය පමනක් පෙරදැරි කරගෙන බව පැහැදිලි බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත සඳහන් වේ.

Sinhala 2019 Budget by on Scribd

No comments:

Post a Comment

Post Bottom Ad