මියගිය පිරිස 207ක් දක්වා ඉහළට - තුවාලකරුවන් 450 යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

මියගිය පිරිස 207ක් දක්වා ඉහළට - තුවාලකරුවන් 450 යි

මියගිය පිරිස 207ක් දක්වා ඉහළට - තුවාලකරුවන් 450 යි

අද දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මියගිය පිරිස 207 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 450 ක් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

සියලු තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇති අතර එම දුරකථන අංකය වන්නේ 0112322485 යි .

විදේශකයින් සම්බන්ධ තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකය වන්නේ 0112323015 යි.

පොලිස් මූලස්ථානයේ ද විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වේ.

එසේම මේ වනවිට පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.

No comments:

Post a Comment

Post Bottom Ad