මධූෂ්ගෙ පාටි කල්ලියේ තවත් 6ක් ලංකාවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 17, 2019

මධූෂ්ගෙ පාටි කල්ලියේ තවත් 6ක් ලංකාවට !

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තවත් 06 දෙනෙකු අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා ,මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් රියාස් , රණසිංහගේ සුරේෂ් වසන්ත, යොන් මෙරන්ග සයිමන් හේවගේ රූපදාස,මොහොමඩ් ජබීර් මොහොමඩ් හිබ්‍රේ සහ සමරසිංහගේ නිලාන් රොමේෂ්  යන අය සිටිති.
මොවුන් අද දින අලුයම 4.45ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

මේ වනවිට මොවුන් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad