මධූෂ් මේ සතියේ ලංකාවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

මධූෂ් මේ සතියේ ලංකාවට

මධූෂ් මේ සතියේ ලංකාවට

ඩුබායි  පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දීලීප පීරීස්  මහතා සඳහන් කළේය.

අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඔහු මේ බව සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මෙම ඝාතන සැලසුමට මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධ බවටත් තොරතුරු වර්තා වී තිබේ.

මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහදී අත්අඩගුවට පත්වූවන් අතරින් 15 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ඩුබායි පොලීසිය කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad