'කණ්ඩායම තුල මට සහයක් නෑ,මා තනිවෙලා,මා එපා නම් ඉවත් වෙනවා.'- මාලිංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 18, 2019

'කණ්ඩායම තුල මට සහයක් නෑ,මා තනිවෙලා,මා එපා නම් ඉවත් වෙනවා.'- මාලිංග

Loading...
ඉදිරි ලෝක කුසලාන තරගාවලියට තමන් සහභාගි වනවාද නැද්ද යන්න අද ක‍්‍රීකට් ආයතනය සමග සිදුකරන සාකච්ඡාවකින් පසුව තීරණය කරන බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
කණ්ඩායමේ නායකත්වයට තමන් පත් කළහොත් ක්‍රිකට් කණ්ඩායම තමනට සහයෝගය ලබා නොදෙන බවට ඊයේ ක්‍රිකට් ආයතනය විසින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කිරීම මත තමන් තවදුරටත් කණ්ඩායමේ සිටිය යුතු ද නැද්ද යන්න ඔවුන් විසින්ම තීරණය කළ යුතු යැයිද මාලිංග කියා සිටී.
තමන් කණ්ඩායමේ සිටීම ප්‍රශ්නයක් නම් තමන් ඉවත්වීමට සූදානම් බවත් පවසන මාලිංග ක්‍රිකට් ආයතනය කියන ආකාරයට තමන් කණ්ඩායම තුළ තනිවන යන තත්වයක් ඇතිව තිබෙන බවද පවසයි.
කෙසේ වෙතත් තමන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම ප්‍රශ්ණයක්ද නැද්ද යයි ක්‍රිකට් ආයතනයෙන් විමසා අවසන් තීන්දුවක් ගන්නා බව ද මාලිංග කියා සිටියේය.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad