" ක්‍රිකට් විනාශ කළේ වත්මන් ආණ්ඩුව" - අර්ජුනගෙන් චෝදනා - විගස පුවත් - Vigasapuwath

Saturday, April 13, 2019

" ක්‍රිකට් විනාශ කළේ වත්මන් ආණ්ඩුව" - අර්ජුනගෙන් චෝදනා

වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මීළඟ ජනාධිපතිවරණයේදී තම සහාය හිමිවන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට කටයුතු කරන නායකයෙකුට පමණක් බවයි.

වර්තමාන ආණ්ඩුව පැමිණි පසු ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවත් මේවන විටත් ක්‍රිකට් පරිපාලනයේ සිටින පුද්ගලයින් ජනාධිපතිවරයාත් අල්ලගෙන ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *