‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 13, 2019

‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’

‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දේශපාලන වේදිකාවල කථා කරමින් සිටියත් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැති බව පැෆරල් සංවිධානය පවසයි.

පළාත් සභා හතක නිල කාලය අවසන්ව ඇති බවත් බස්නාහිර පළාත් සභාවත් මේ මස 20 වැනිදායින් අවසන් වන බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වනවිට කටයුතු කළ යුතුව ඇතත් කිසිදු පාර්ශවයකට උවමනාවක් ඇති බවක් නොපෙනෙන්නේ යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවැසීය.

මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව කී හෙට්ටිආරච්චි මහතා එය ජනතා විරෝධී කටයුත්තක් බව ද කීය.

මැතිවරණය ඉල්ලා අධිකරණය ඉදිරියට යා හැකි වුවත් අධිකරණ ක්‍රියාවලියක් තුළින්ද විශාල කාලයක් ගතවන බව හෙතෙම සඳහන් කළේය. 

මේ වනවිට පළාත් සභා 9න් හතක් ම පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ බව පෙන්වා දුන් පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත්සභාවද ලබන 20 වැනිදා සිට ආණ්ඩුකාරවරයා යටතට පත්වන බව පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad